(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුවු වන විනාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ ගෝමරන්කඩවල අඩවි කාර්යාලයේ බීට්ටු වන නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටටු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
පුල්මුඩේ වෙරියපුලත්තු රජයේ කැලෑව ඩෝසර් කිරිම,පන්කුලම පුල්මුඩේ රජයේ කැලෑවේ ගස් කැපිම හා පුල්මුඩේ සුන්තනේරු කුලම් කැලෑවේ ගස් කැපීම පිළිබදව නිසි ලෙස රාජකාරි සිදු නොකිරිම ඒ පිළිබද උසස් නිලධාරින් දැනුවත් නොකිරිම පිළිබදව පරික්ෂණයකින් පසු මෙසේ බීට්ටු වන නිලධාරියාගේ සේවය අත්හිටුවිමට ක්‍රියාකර තිබේ.
මේ සම්බන්ධයෙන් නිලධාරින්ගේ කටයුතු නිසි අධික්ෂණයකින් තොරව කටයුතු කළ බවත් උසස් නිලධාරින් කිහිපදෙනකු පිළිබද මූලික විමර්ශනයක් සිදුකරගෙන යන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

